පුවත්

සක්විතිට හා බිරිඳට තවත් ලක්ෂ 18ක දඩයක්

Published

on

මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රසිද්ධ අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.

එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා හා ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර ලබාදෙනු ලැබීය.

2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 16 41 85 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

(මුලාශ්‍රය – දෙරණ)

සබැඳි පුවත් :
සක්විති හා බිරිය තවත් ලක්ෂ 50ක් තැන්පත් කරයි

සක්විති හා බිරිඳ වරද පිළිගනී

Trending

Exit mobile version