සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ.
අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.
25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව ඒ මහතා කියා සිටී.
එමෙන්ම සජබය සමග මිත්ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.