පුවත් සනත් නන්දසිරිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව ඇතිව අද (ඡායා) Published 2 years ago on April 1, 2023 By editor අභාවප්‍රාප්ත, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත වේ. මේ වනවිට දේහය ඇඹුල්දෙනියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අද පෙරවරු 9.00 න් පසුව සනත් නන්දසිරි මහතාගේ දේහය කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට නියමිතයි. අනතුරුව දේහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කරනු ඇති. කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීය. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි කුලපතිවරයා ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ගෞරව මහාචාර්ය පදවියකින් ඔහු පිදුම් ලැබීය. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා20 hours ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා