විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිනයේ දී සිංගප්පූරුව බලා පිටත්වයාමට නියමිතය.
සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වෙයි.
දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.
අද සහ හෙට යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09 වැනිදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතය.