පුවත්

සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF

Published

on

ශ්‍රී ලංකා  ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පවසයි. 

 ශ්‍රී  ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්  පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් එහි ප්‍රධානියා  මේ බව පැවසී ය. 

මෙරටට අනුමත කරඇති විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරික නිදහස් කිරීම, විදෙස් ණය හිමියන් සමග ඇතිකරගන්නා එකඟතා හා එකඟ වී ඇති ප්‍රතිපත්ති මත රඳා පවතින බව ද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. 

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත  බිලියන 1.5 ක් දක්වා  වැඩි වී ඇති බවත් උද්ධමනය සැලකිය යුතු ලෙස  පහත වැටී ඇති බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා  පැවසීය.

(නිවුස්ෆස්ට්)

Trending

Exit mobile version