අද (18) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහ සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ රජය විසින් විශ්ව විද්‍යාල වල එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර ගැටලු මතුවෙමින් පවතින බවය.
විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයේ වැටුප් වැඩිකරන්නේ නම් සියලු දෙනාට පොදුවේ වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
මෙම අර්බුදය නිර්මාණය කර ඇත්තේ රජය විසින් බවත්, සිය ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන්නහොත් සියලුම විශ්වවිද්‍යාල වසාදමා අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට සිදුවන බව ඔවුන් අනතුරු අඟවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමට මේ මාසයේ මුලදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි.
සබැඳි පුවත් :
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව දෙගුණ වෙයි