චීනයේ ප්‍රධානතම ගෝලීය වැඩසටහනක් වන ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) වැඩසටහන සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සිසුන් 25ක් එක්වීමට නියමිතය.
දෙසැම්බර් 27 – 29 දක්වා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට කොළඹ, කැළණිය, රුහුණ, නැගෙනහිර හා යාපනය විශ්ව විද්‍යාල වලින් සිසුසිසුවියන් සිය ගණනක් යොමුකර තිබූ අයැදුම්පත්‍ර අතරින් මෙම සිසුසිසුවියන් පිරිස තෝරාගත් බව චීන තානාපති කාර්යාලය පවසයි.
මෙම සම්මන්ත්‍රණයට ප්‍රමුඛ මට්ටමේ විද්වතුන්ගේ සහ සමාගම්වල දේශන ඇතුළත් වන අතර, පෝට් සිටි, CICT, නෙළුම් කුළුණ වැනි දැවැන්ත ව්‍යාපෘති වල ක්ෂේත්‍ර චාරිකා වල නිරත වීමට මෙන්ම දේශීය කළමනාකරුවන් / කාර්මික ශිල්පීන් සමඟ කතාබහ කිරීමට අවස්ථාවද ද මෙම සිසුසිසුවියන්ට හිමිවන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.