පුවත්

සවුදියෙන් ලංකාවට රටඉඳි ටොන් 50ක ප්‍රදානයක්

Published

on

සෞදි අරාබිය විසින් ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ නමින් පැවැත්වෙන මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් සිදුකර ඇති මෙම ප්‍රදානය අද (16) දිනයේදී කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේදී පැවැත්වුණි.

මෙහිදී මෙම ප්‍රදානය මෙරට සිටින සෞදි අරාබි තානාපති – Khalid Hamoud Alkahtani මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

දෙරට අතර ශක්තිමත් සබඳතා පවතින බව පැවසූ තානාපතිවරයා, සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් දිගින් දිගටම සිදුකරන මානුෂීය සහයදැක්වීම් පිළිබඳව ප්‍රශංසාව පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ විදුර වික්‍රමනායක මහතාද ශ්‍රී ලංකා වැසියන් හට සෞදි අරාබිය විසින් ලබාදෙන සහය සම්බන්ධයෙන් හදපිරි කෘතඥතාවය පළ කළේය.

Trending

Exit mobile version