පුවත්

සාකච්ඡා සාර්ථකයි

Published

on

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය.

“අපි පැහැදිලිව දැනුම්දුන්නා රාඝවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.”

Trending

Exit mobile version