පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබා නොදීම ගැන පරීක්ෂණයක්

Published

on

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානයේ විභාග ශාලාධිපතිවරයා සම්බන්ධව විශේෂ විමර්ශනයක් විභාග දෙපාර්තමේන්තුව හරහා ආරම්භ කර ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බවය.

අදාළ සිදුවීම් සඳහා මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බව වාර්තා වේ.

Trending

Exit mobile version