පුවත්

සාස්තර ඥානක්කාගේ නිවසට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වන්දියක්

Published

on

ඉකුත් අරගල සමයේදී ගිනි තබා විනාශ කරන ලද අනුරාධපුර පදිංචි සාස්තර කාරියකවන ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නැමැත්තියගේ ගිනිතබා විනාශයට පත් කළ නිවසේ හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.

ඥානා අක්කාගෙන් සාස්තර ඇසීමටත්, යාතිකා කර ගැනීමටත් හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් ගොස් ඇති බව පසුගිය කාලයේදී හෙළිවිය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කාර්යාලයෙන් කරන ලද විමසීකට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥානා අක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කරයි.

මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version