යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනොච්චිය නගරයේ කළු කොඩි ඔසවමින් විරෝධතාවක නිරත වූහ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ එක්ව කිලිනොච්චිය නගරයේදී කළු කොඩි ඔසවා, කළුපැහැති පටි පැළඳගෙන විරෝධතාවයක් සංවිධානය කොට තිබූ අතර එයට සමඟාමීව උතුරු පළාතේ නගර රැසක කළු කොඩි ඔසවා තිබුණු බව වාර්තා වේ.
ඡායාරූප – Tamil Guardian