පුවත්

සීතාගේ ගමනේදී රනිල් සමගත් සාකච්ඡා

Published

on

නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය මුදල් ඇමැතිනිය මෙරට රැදී සිටින කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන වතුකර දෙමළ ජනතාවගේ සංක්‍රමණයේ 200 වැනි සංවත්සර උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙසද ඇය සහභාගිවීමට නියමිත බව මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
ඉන්දීය මුදල් ඇමතිනී ලබන සතියේ ලංකාවට

Trending

Exit mobile version