පුවත්

සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ නැව් 2ක් ගැන තීන්දුවක්

Published

on

සීමාසහිත ලංකා නැව් සංස්ථාවට අයත් Mv. Ceylon Breeze සහ Mv. Ceylon Princess නැමති වියළි තොග ප්‍රවාහන නෞකා සේවයේ යෙදවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ගෙන තිබේ.

වර්ෂ 2023 සහ 2024 යන කාලසීමාව තුළ මෙම නෞකා ද්විත්වය ජාත්‍යන්තර කුලී සේවයේ යෙදවීම පිණිස කාල කුලී පදනම මත නැව් කුලියට දෙන්නෙකු හෝ වාණිජ කළමනාකරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 09ක් ලැබී ඇති අතර ඉන් ලංසු 06ක් කාල කුලී පදනම මත ද, ලංසු 03ක් වාණිජ කළමනාකරණය යටතේ ද ඉදිරිපත් කර තිබේ.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මූල්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය මිල යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරු වන M/s Coral Energy DMCC වෙත ඉහත සඳහන් නෞකා දෙක කුලී සේවයේ යෙදවීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version