සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබුණි.
ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන පැවැති නඩු විභාගයකදී ය.