2004 දෙසැම්බර් 26 වැනිදා සිදු වු සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 19ක් සපිරේ.
එම ව්‍යසනයෙන් පසුව වෙරළබඩ ප්‍රදේශවල ඉදිකර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77න් 57ක් මේ වන විට ක්‍රියා විරහිතව පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනය සඳහන් කර තිබේ.
2004 සුනාමියෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ කුළුණු 02ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ කුළුණු 05ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ කුළුණු 06ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ කුළුණු 08ක් ද, මාතර දිස්ත්‍රික්කයේ කුළුණු 07ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුළුණු 09ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ කුළුණු 04ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ කුළුණු 08ක්ද, මඩකලපු දිස්ත්‍රික්කයේ කුළුණු 07ක්ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුළුණු 07ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ කුළුණු 03ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ කුළුණු 06ක්ද යාපනය දිස්ත්‍රික්කයේ 05ක්ද වශයෙන් මේවා ඉදිකර තිබුණි.
මින් කුළුණු 11ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කළ හැකි අතර තවත් කුළුණු නවයක් අදාළ ස්ථානයට ගොස් අතින් ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පවතියි.
මේ අතර, සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොඳුරු වීමෙන් මියගිය මහජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වැනිදා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ගොදුරු වූ අතර මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වේ.
එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මීට වසර 19කට පෙර දෙසැම්බර් 26 වෙනි දින අසිරිමත් නත්තලක මිහිර විඳි දකුණේ හා උතුරු නැගෙනහිර ජනතාවට,උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ද අද මෙන් යෙදී තිබුණි.