පුවත්

සුරාබද්දෝ ආයෙත් ගේම් එකක් ගහන්න ලෑස්තිය – හර්ෂ (වීඩියෝ)

Published

on

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනවල යාපනේ, ත්‍රිකුණාමලේ, වව්නියා හා මඩකලපුව වැනි ප්‍රදේශවලින් අල්ලා ගන්නා ලද ව්‍යාජ ස්ටිකර් සහිත අරක්කු බෝතල් හා ඒවා ළඟ තබාගෙන සිටි පිරිස සම්බන්ධයෙන් මෙතෙක් නීත්‍යානුකූල පියවර ගෙන නැති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.

 “ආයෙත් ගේම් එකක් ගහන්න වගේ කට්ටිය ලෑස්ති” යනුවෙන් කියමින් ඔහු පෙන්වා දෙන්න‍ේ මේ වැටලීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතුළේ සිටින පුද්ලගයන්ට නොගැවීම නිසා ‍ සිදුවූවක් බවයි.

මීට පෙරද මෙසේම ව්‍යාජ ලේබල් සහිත අරක්කු බෝතල් අල්ලා ගත් අවස්ථාවේදී එය තාක්ෂණික දෝෂයක්, අත්වැරදීමක්, මේක කම්පවුන්ඩ් කළ හැකි බවයැයිද ඔහු කියා සිටී.

කම්බවුන්ඩ් කිරීම යනු පොඩි දඩයක් ගෙවා නැවත මේ අරක්කු තොග මුදා හැරීම යැයිද හර්ෂ මහතා පැහැදිළි කර සිටී.

Trending

Exit mobile version