පුවත්

හකිම්ට හා කාරියප්පන්ට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

Published

on



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් අලි සහිර් මවුලානා මහතා නෙරපා හැරිම වළක්වමින් කොළඔ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට කොළඔ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකිම් හා පක්ෂයේ මහලේකම් නිශාන් කාරියප්පන් යන මහත්වරුන්ට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කර ඇත.

නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් විනය ක්‍රියාමාර්ගයක් පවත්වා පක්ෂයෙන් තමාව නෙරපා හැරිමට එම වගඋත්තර කරුවන් කටයුතු කළ බව පැමිණිලිකාර මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් අධිකරණයට පෙන්වා දී තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් කොළඔ දිසා අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කෙරුණි.

Trending

Exit mobile version