පුවත්

හරක් කටාට පොලිසිය සෙට්කරන් ඇත්ත‍ේ දකුණේ දේශපාලඥයකුගේ සහයෙන්

Published

on

දකුණේ දේශපාලකයෙකුගේ සහය ඇතිව ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් “හරක් කටා” පොලිසියේ ඉහළම නිලධාරින්ගේ හිතවත්කම් පවත්වාගෙන ‍ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හරක්කටා විසින් රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල හතරක් මෑතකදී විශ්‍රාම ගිය ඉහළ පොලිස් නිලධාරියෙකුට තෑගි ලෙස ලබාදී ඇතැයි ද පැවසේ.

මෙම තෑග්ග දී ඇත්තේ නිලධාරියා සේවයේ යෙදී සිටියදී බවද වාර්තා වේ.

මෙකී නිලධාරියා මෙන්ම තවත් පොලිසියේ සිටින නිලධාරින් කිහිපදෙනෙකුම හරක් කටාගේ මාසික පඩි ලැයිස්තුවට ඇතුළත් කරගෙන සිට ඇති බවද හෙළි වී තිබේ.

හරක් කටාගෙන් රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල හතරක් ලබා ගත් බව කියන ඉහළ පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයක් භාරවද කලක් කටයුතු කර ඇත.

එහිදී හරක් කටාට එරෙහිව විමර්ශනවලදීත් මෙම නිලධාරියා රහස්‍ය විමර්ශනවල තොරතුරු හරක් කටාගේ පාර්ශ්වය වෙත ලබා දෙන්නට ඇතැයි යන සැකයද මේවන විට මතුව තිබේ.

හරක් කටාට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩනය කරමින් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේ සැඟවුණු චරිත ලෙස සිටි නිලධාරීන්ගේ තොරතුරු පවා හරක් කටා වෙත ලැබී ඇතැයිද පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version