අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට දැනුම්දී තිබුණ ද අසනීප තත්ත්වයක සිටින බව පවසමින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණේ නැත.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින්, අත්තනෝමතිකව සහ නීති විරෝධීව කොරියානු සමාගමකට දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඊයේ උදෑසන 9ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම්දී තිබුණු අතර ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයකු උදෑසන කොමිසම හමුවේ පැමිණ, සේනාරත්න මහතා අසනීප තත්ත්වයක සිටින බවට දැනුම දෙමින් විමර්ශනයට සහභාගි විය නොහැකි බවට ලිපියක් භාර දී තිබේ.
එමෙන්ම හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඔහු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී ඇතැම් වෙළෙඳසල් විකිණීම සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.
ඔහු ද ලබා දුන් දිනයේ පැමිණිය නොහැකි බව දන්වා දිනයක් ඉල්ලා ඇති බව වාර්තා විය.
මූලාශ්‍රය – දිනමිණ