ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවට තරුණ නායකත්වයක් ලබා දිය හැකි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කරන ලෙසට සමගි ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුර අහිමි වීමෙන් ඒවා පුරප්පාඩු විය.
මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කෙරුණි.
කෙසේවුවද, හරින් ප්‍රනාන්දු දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වා පුරප්පාඩුව පවතී.
මේ අතර, බදුල්ලේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබිණි.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත් මහතාට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සදහන් කලේය.
සබැඳි පුවත්:
පුළුවන් නම් හිරුණිකාට අසුන දෙන්න: හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්
මනූෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය