පුවත්

හැටන් රක්ෂිතයේ ගින්නක් !

Published

on

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13) ගින්නක් හටගෙන තිබේ.

අක්කර 23 ක් පමණ වු වන වගා රක්ෂිතයේ හටගෙන ඇති ගින්න රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව වාර්තා වේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග හැටන් රුවන්පුර මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සැකකරයි.

වන වගා රක්ෂිතයට ගිනි තැබිමෙන් පසු වන වගා රක්ෂිතයේ වගා කර ඇති යුකෙලෙප්ස්ටික් ගස් වියළි යන බවත්, පසුව එම වියළි ගිය ගස් දර ලෙස භාවිතා කිරිම සදහා මෙසේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි රුවන්පුර ජන පදයේ පදිංචිකරුවන් කියා සිටියේ.

මූලාශ්‍රය – අද

Trending

Exit mobile version