පුවත්

හික්කඩුවේ ඝාතනය සිඟිතිගේ කොන්ත්‍රාත්තුවකට සුද්දා කළ වැඩක්!

Published

on

හික්කඩුව තිරණාගම වෙඩි තැබීම කටා රොෂාන්ගේ සහෝදරියක වන සිඟිති නමැති කාන්තාව විසින් ඩුබායි හි සඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කරන්දෙණිය සුද්දාට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවී ඇතැයි පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇත.

අදාළ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා ඉන් අනතුරුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට ද පෙනී සිට ඇතැයි අනාවරණය වී තිබේ.

පසුගිය 31 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබුමෙන් ඝාතනයට ලක්ව තිබුණේ හික්කඩුව කලුපේ පදිංචි ප්‍රසන්න මෙන්ඩිස් (41) නමැති සිවුදරු පියකු හා ඉසුරු ප්‍රසන්න(27) නමැති අවිවාහක තරුණයෙකි.

ඔවුන් දෙදෙනා සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ රොෂාන් ද සිල්වා නොහොත් කටා රොෂාන් නමැත්තා හික්කඩුව නලාගස්දෙණියේදී කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන් වේ.

සිඟිති නමැති කාන්තාව කටා රොෂාන්ගේ සහෝදරියක් බව පැවසේ.

සුද්දාගේ හිතවතෙකු වන තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඝාතකයින් දෙදෙනාද මේ වනවිටත් හඳුනාගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ සිදුකරන අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

Trending

Exit mobile version