හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය.
එසේම මේ වන විට එජාපය සතුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඔහු යළි නොපැමිණෙ බවත් ප්‍රකාශ කලේය.
එම මන්ත්‍රී ධුරය වජිර අබේවර්ධන විසින් ඉදිරියටත් හොබන්වන බව ඒ මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා තමන් යළි මැතිවරණ සඳහහා ඉදිරිපත් නොවන බව සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයන් සහ ඔහුට සහය දැක්වූ සෙසු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුලු ප්‍රබලයින් සමඟ වූ හමුවේදීය.
කෙසේවෙතත් පවතින රජයට ඕනෑම අවස්ථාවක තනතුරු පසෙකලා ඕනෑම සහයෝගයක් ලබා දීමට තමා සූදානම් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.