පුවත්

හිටපු පළාත් සභා මන්ත්‍රී පාගමනින් යද්දි මියයයි

Published

on

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤවීදිය උද්‍යාන මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණි කාර් රථය පරීක්ෂා කර බැලීමේදී ඒ තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම පිස්තෝල උණ්ඩ පහක් සොයා ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම පිස්තෝලය ළඟ තබා ගැනීමට ඔහුට ලබාදී තිබූ නීත්‍යානුකූල බලපත්‍රය සහ අවිය භාවිතා කිරීමට නිකුත් කර තිබූ ලියවිල්ල ද කාර් රථය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ලංකාදීප)

Trending

Exit mobile version