පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්දි ගෙවා අවසන් කරයි

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් නොගෙවා පැහැර හැර තිබු බවට පැවසෙන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදල බස්නාහිර පළාත් සභාවට ගෙවා අවසන් කර තිබේ.

සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබුණි.

මෙම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථය 2022 වර්ෂයේදී අනතුරකට ලක් වීමෙන් දැඩි ලෙස හානි වි තිබේ.

රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව සඳහන්ය.

අනතුරෙන් පසු මෙම වාහනය තිබී ඇත්තේ කොළඹ ගරාජයකයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය පවසා තිබුණේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා විසින් ගෙවා අවසන් කළ බවය.

මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබුණි.

Trending

Exit mobile version