පුවත්

හිටපු මැකෝ අත්පත්‍රිකා බෙදලා

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය.

මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙලෙස ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.

මැතිවරණයකදී  සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මෙම ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා පවසයි.

ඔහු පවසන්නේ, එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බව තමාගේ මේ ක්‍රියාවේ ඒකායන අරමුණ බවය.

Trending

Exit mobile version