දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයකු විපක්ෂය සමග එක්වීම වලක්වා ගැනීමට අදාළ ලේකම්වරයාට දේශපාලන පළිගැනීමක් නිසා 2016 දී සිදුවී යැයි කියන දේපලක් සඳහා වන්දි මුදලක් අනුමත කිරීමට අද (13) දේශපාලන පළිගැනිම් හේතුවෙන් සිදුවු දේපළ සදහා වන්දි ගෙවීම් අනුමත කරනු ලබන කමිටුව රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ දේපල අදාළ ලේකම්වරයාගේ අනියම් බිරිඳක්ව සිටි අයකුට අයත් එකක් වන අතර, මේවන විට අදාළ වන්දිය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ අදාළ ලේකම් හා එම කාන්තාවගේ දියණිය බවද පැවසේ.
2023 මාර්තු 8 වැනිදා ඉදිරිපත් කරන ලද දේශපාලන හානි සදහාවු වන්දි ගෙවිමේ කැබිනට් පත්‍රිකාවට ඉල්ලිම් 164 ක් ලැබි ඇති අතර ඉන් 73 කට වන්දි ගෙවා තිබේ.
ඉතිරිවු ඉල්ලුම් 91 න් 34ක් තෝරා ඉන්ද 17 ක් සලකා බැලිමට කැබිනට් මණ්ඩලයට පසුගිය අප්‍රේල් 01 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
මුදල්, අධිකරණ, හාණිපුර්ණ, තක්සේරු හා රාජ්‍ය පරිපාලන යන ආයතන පහේ කමිටුවකින් සැදුම් ලත් නියෝජිතයින්ගේන් මෙම නිර්දේශය ලබා දී ඇති බවද පැවසේ.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ විශයභාර අමාත්‍යවරයකු විසින් බවද වාර්තා වේ.
එම අයැදුමට අනුව 2016 මාර්තු 16 වැනිදා මාදම්පේ පිහිටි දේපලකට සිදුවු හානියක් සම්බන්ධයෙන් මේ වන්දි මුදල ලබාදීමට සූදානම් වේ.
එසේ වන්දි ලෙස ගෙවීමට සැරසෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයක් බවද වාර්තා වේ.
මෙසේ හානිවී ඇති දේපල විදෙස් ජාතික කාන්තාවක් සතු එකක් වන අතර ඇය මේවන විට වාසය කරන්නේ දකුණු කොරියාවේ බවද පැවසේ.