පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්රචාරක කටයුතු සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.
හෙට දිනයේ විභාගයට මුහුණ දෙන දරුවන්ට පහත උපදෙස් අනුගමනය කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
01. දරුවන් පිළිතුරු ලිවීමේදී ඒ සඳහා කළු හෝ නිල් පෑනක් භාවිත කළ හැකි අතර වෙනත් කිසිඳු වර්ණයක පෑන් භාවිත කළ නොහැකිය.
02. පිලිතුරු ලිවීම පැනසලෙන්ද කළ හැකි අතර දරුවන්ට ඒ සඳහා පැන්සල් කිහිපයක් රැගෙන ආ හැකිය.
03. මකන, අඩි කෝදු ආදී උපකරණ ද විදාග මධ්‍යස්ථානයට රැගෙන පැමිණිය යුතුය.
04. විභාග මධ්‍යස්ථානයට අවශ්‍යනම් වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවේ.
05. ස්මාර්ට් අත්ඔරලෝසු සහ ෆයිල් කවර ආදිය විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යාමට අවසර හිමි වන්නේ නැත.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු පෙනී සිටින බවත්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත්වෙණු ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.