පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (08) පෙ.ව. 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ඔවුන් හෙට දිනයේදී සියලු රෝහල්වල සේවයෙන් ඔවුන් ඉවත් වනු ඇත.
කෙසේ වෙතත් ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා, මාතෘ ඇතුළු විශේෂ ප්‍රතිතර සේවාවලින් ඉවත් නොවන බව එම සංගමය ප්‍රකාශ කරයි.
මේ අතර, හෙට දිනයේ විදුලිය, ජලය, වරාය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් හෙට දිනයේ විරෝධතා මාලාවක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.