ඖෂධ සහ සුවඳ විලවුන් ගෙන්වීමට අදාළ නීතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ ආලේපන වර්ග මෙරටට ගෙන්වා ඇති බවත් ඒවා වෙළෙඳපොළේ අලෙවි බවන බවත් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසුවාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව මෙරටට ගෙන්වා ඇති මෙම ආලේපන වර්ග භාවිත කිරීමෙන් නොයෙකුත් චර්ම රෝග වැලඳීමේ අවදානමක් ඇති බැවින් එම අධිකාරියේ අනුමැතිය ඇති ආලේපන පමණක් මිලදී ගන්නැයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මේ වනවිට ඖෂධ සහ සුවඳ විලවුන් ගෙන්වීමට අදාළ නීතිය යළි ක්‍රියාත්මක කර ඇති බවද ඇය පැවසූවාය.
එසේම අනවශ්‍ය ලෙස නොයෙකුත් ආලේපන වර්ග යොදා සම සේදුවහොත් සමෙහි හිතකර බැක්ටීරියා විනාශ වන බවද විශේෂඥ වෛද්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.