පුවත්

හෝර්ටන්තැන්නේ මැණික් ගැරූ 07ක් රිමාන්ඩ්

Published

on

හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය යටතේ පාලනය වන නන්පේරියල් ලෝකාන්තය ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් කරමින් අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් හත්දෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් තිළිණ එන් පිරිස් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් නොවැම්බර් මස (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නන්පේරියල් පේර කලාපයේ අනවසරෙන් පිරිසක් පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල, ඇඹිලිපිටිය, කුරුණැගල, බගවන්තලාව යන ප්‍රදේශවල පදිංචි අවු 30 – 55 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද තම භාරයට ගත් බව වැටලිම සිදු කළ හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු පි.පි.දයාරත්න මහතා පැවසීය.

Trending

Exit mobile version