සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ඉදිකර, ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් යෙදවීමට නියමිතය.
ඒ අනුව, අදාළ ආයතනවල එකඟතාව ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.