පුවත්

අගෝස්තුවේ සිට වාහන ආනයනයට අවසර

Published

on

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා තිබේ.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ බව පැවසේ.

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 වසරේ පළමු කාර්තුවේ සිදු කිරීමට බලා පොරොත්තු වන බවද ඔහු පවසා ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට නොහැකි බවය.

Trending

Exit mobile version