පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පෙබරවාරි 01 (අද) සිට මේ ගැසට් නිවේදනය වලංගු වේ.
මෙතෙක් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයෙන් කැබ් රථ, ඔටෝ – රික්ෂෝ, මෝටර් සයිකල්, පා පැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා ද පනවා තිබූ තහනම ඉවත්කර තිබේ.අදාළ ගැසට් නිවේදනය පහතින්.