අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඔහු මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි.
විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.