පුවත්

අධිකරණයට අපහාස කළැයි රොෂාන්ට නඩුවක්

Published

on

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් ගොනු කොට ඇති එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කරනු ලැබ සිටී.

2023 නොවැම්බර් 08දා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාව විවේචනය කරමින් කතාවක් පවත්වා ඇති බවත්, එම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් අදාළ පෙත්සමේ දැක්වේ.

තවද, හිටපු අමාත්‍යවරයා විසින් නැගූ චෝදනා වලින් අභියාචනාධිකරණ විනිසුරු කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලටද බරපතළ හානියක්, අගතියක් සිදුවී ඇති බවත් එම පෙත්සමෙ සඳහන් වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා 

Trending

Exit mobile version