ලාංකීය ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව, අමෙරිකාව පවසයි.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ඒ බව සඳහන් කළේ ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බව ද, ඇය පැවසුවේය.