පුවත්

අනුර විශේෂ හමුවක

Published

on

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඊයේ (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී එම හමුව පවත්වා ඇති බවයි වාර්තා වේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් එහිදී සිදුකර තිබෙන බව පැවසේ.

ඉදිරියට ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version