පුවත්

අනුර සජිත්ට අවසන් නිවේදනය යවයි

Published

on

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.

එම නිසා මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීම බව පැවසූ ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ  හෝ ඊට පෙරඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම් යැයි  පැවසීය.

( ලංකාදීප )

Trending

Exit mobile version