Connect with us

පුවත්

අප්‍රේල් 03 පොලිස්පතිට උසාවි එන්න කියයි

Published

on

අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්ථාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් සම්බන්ධයෙනි. 

එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී පළායෑමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ඉකුත් පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

පුවත්

ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්වයි

Published

on

By

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද නිර්දේශ කර තිබේ.

තත්වයෙන් අසමත් ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛන ගත කිරීමටද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

පිළිගත් විධිමත් ක්‍රමවේදයන්ට පටහැනිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නිර්දේශ කර ඇත. රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

(ලංකාදීප )

Continue Reading

පුවත්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙක් අත්අඩංගුවට

Published

on

By

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු  ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට  අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත ඇයගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කලේ,අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18)  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුම අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

By

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ විරෝධය පළ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved