පුවත්

අපි එට්කා ගිවිසුමට අත්සන් කළේ නැහැ

Published

on

එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (20) පැවති ජනාධිපතිවරයාගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ අපේ රටට හානිදායක ගිවිසුම්වලට එළඹීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවය.

නමුත් දෙරටේම ආර්ථිකයේ හා වෙළඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවත් විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

“එට්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් කාලයක් තිස්සේ තියෙනවා. එට්කා, නැතිනම් දෙරට අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ එකඟතාවයක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යන්න තමයි අපි කටයුතු කළේ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පස්සෙ එට්කා ගිවිසුමට අත්සන් කරලා නැහැ. සමහර බංකොලොත් වෙච්ච දේශපාලකයෝ තැන තැන කියනවා එට්කා ගිවිසුම අත්සන් කළා කියලා, එහෙම එකක් නැහැ. එට්කා පිළිබඳව මෙතක් පවතින තත්වයක් ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න තමයි එකඟ වෙලා තියෙන්නේ”

Trending

Exit mobile version