පුවත්

අම්මෙක්ට හා දුවෙක්ට වඳුරු උණ හැදිලා !

Published

on

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට වඳුරු උණ (monkeypox) වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

මවට සහ දියණියට එලෙස  වඳුරු උණ (monkeypox) වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

පියාට ද විදෙස් රටක දී  වඳුරු උණ (monkeypox) වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Trending

Exit mobile version