පුවත්

අරක්කු කොම්පැනි 5ක බලපත්‍ර අත්හිටුවයි

Published

on

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක  බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසන්නේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදන ආයතන පහක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණද  තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින්  වෙළෙඳපොළේ  මත්පැන් හිඟයක් ඇති නොවන බවද  ඔහු කීවේය.

Trending

Exit mobile version