Connect with us

පුවත්

අරගලයේ සිංදු කිව්ව කලාකරුවෝ දැන් රෝගී වෙනවා – රෝහිත

Published

on

කළුතර නගරයේ හෝටලයකට රැගෙන ගිය පාසල් දැරියක් ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

‘‘දැන් අරගලකරුවන්ගෙ ඇත්ත තත්ත්ත්වය එළියට එනවා. ගම්වල ඉන්නවා සමහර කොටසක් රස්සා නැති. ඒකගෙ රස්සාව තමයි අනුන්ට වෛර කිරීම. ඒ වගේම කුඩ්ඩො ඉන්නවා. මේ වගේ අයට ගමේ කියන්නේ පිංගුත්තරයෝ. දැන් සැකපිට හාරදහස් ගණනක් ඉන්නවා. ඒ අයගෙ පැටිකිරිය ගත්තාම පිංගුත්තර අලුගුත්තේරුවො ඉන්නෙ.

ගෝල්ෆේස් අරගලයේ විවිධ පුද්ගලයන් හිටියා. කූඩාරම් හදාගෙන. වගාවල් කරලා තිබුණා. ඒ අයට මේ ආත්මයෙම පඩිසන් දුන් ආකාරයත් පේනවා. මම මේ කියන්නෙ කෙනෙකුට විපතක් වූ අවස්ථාවකදි සතුටට නෙමෙයි. බුදුන් තුන්වරක් වැඩිය රටක්. ස්වභාව ධර්මයයෙන් දඬුවම් ලැබෙනවා. අරගල බීමේ ජනාධිපතිතුමා එළවන්න නූලක් කැපුව කට්ටඩියෙක්. කපුවා මැරෙන්නේ හෙණ ගහලා. අංක එක ඒක. දෙක තමයි අරගල බිමේ පුස්තකාලයක් තිබුණා. එහි සිටි පුස්තකාලයාධිපති සියදිවි නසා ගත්තා. ඊළඟට වෙන්නෙ මොකක්ද? වෙසක් උත්සවයට කළුපාටින් වෙසක් කූඩු හැදුව පුද්ගලයා දැන් අංගොඩ පිස්සන් කොටුවේ. ඒ විතරක් ද ප්‍රධාන අරගලකරුවෙක් කෝච්චියට හැපිලා මැරෙනවා. මහින්ද රාජපක්ෂට බැන්න කෙනා ලංකා හොස්පිට්ල් එකේදි හදිසියේ මිය යනවා. තව තියෙනවා. ජනාධිපති කොඩිය හොරකන් කරගෙන තමන්ගෙ ඇඳට දාලා නිදිය ගත් තැනැත්තා සති දෙකකට කලින් ත්‍රිරෝද අනතුරකින් කකුල කපනවා. අතුකෝරල මන්ත්‍රිතුමාගේ සැකකරුවෙක් හිර ගෙදරදි නැති වෙනවා. සින්දු කිව්ව සමහර කලාකරුවො හදිසි රෝගී තත්ත්වයන්ට ලක් වෙනවා. වෙසක් දිනයේ කළුතර නගරයේ දැරියක් අරගෙන යනවා හෝටලයකට. අපි දන්නෙ නැහැ ඒ දරුවා මැරුණෙ කොහොමද කියලා. ඒ සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා. කසාදත් දෙකක් බැඳලා.’’

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved