Connect with us

පුවත්

අරගල මන්ත්‍රී වන්දිය ඉහළට

Published

on

අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවට තොරතුරු වාර්තා වේ.

2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ ගිනි තබා විනාශ කෙරුණි.

එලෙස දේපළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 714 කි.

එමෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් ගෙවීම සඳහා තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 700 කි.

මෙම අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියත් හිමිව අවසන්.

මෙලෙස හානි පූරණ වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇති බව ද පාර්ලිමේන්තු කටයුතු අංශය අවධාරණය කරයි.

මේ අතර අරගල කාලසීමාවේදී දේපළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනකු සඳහා ද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519ක් ප්‍රතිශත වශයෙන් ලබාදී තිබේ. 

එම පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුකරනු ලබන්නේ, ”හානි පූර්ණය සඳහා වන කාර්යාලය” මගිනි.

ඔවුන්ට හිමි ඉතිරි වන්දි මුදල් ඉදිරියේදී ගෙවීමට කටයුතු කරනු ඇති.

(අරුණ)

පුවත්

ලීක් වුන දත්ත ගැන වහාම පියවර ගන්නැයි ආගමන විගමන පාලකට නියෝග

Published

on

By

පසුගියදා ඇති වූ වීසා ගැටළුව සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මැයි 14දා රැස්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයාවද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම ගැටළුවේ සංවේදී බව හේතුවෙන් මාධ්‍ය වෙත හෙළිදරව් කරන්නේ මෙපමණක් බවයි.

මන්ත්‍රීවරයා පවසා තිබුණේ ජනප්‍රිය යූටියුබ් විකාශකයෙකු වන ‘ටෙක්ට්‍රෙන්ඩි’ විසින් හෙළිදරව් කර තිබුණු මෙම වීසා ක්‍රමවේදයට අදාලව සිදුවී ඇති දත්ත වල රහස්‍යභාවය නැතිවී යාම පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බවයි. ඔවුන් මේ වන විට එම පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

සබැඳි පුවත් :

වීසා ගැටළුව ගැන අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට

Continue Reading

පුවත්

මුජිබර් ව මැතිසබේට නම් කරන ගැසට්ටුව පිටවෙයි

Published

on

By

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

Published

on

By

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා  එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කළහ. 

තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය විසින් එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved