පුවත්

අර්චුනා නැවතත් ගැටෙයි

Published

on

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා වේ.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී මෙම බහින්බස් විම සිදුවු බව පැවසේ.

එහිදි අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා අතර මෙම බහින්බස් වීම සිදුව තිබු අතර සහාදේව මහතාට තවත් රජ්‍ය නිලධාරීන් පිරිසක් සහය දක්වා අර්චුන මන්ත්‍රීවරයාට විරෝධය පා තිබේ.

පසුව මෙම බහින්බස්වීම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් සමතයකට පත්කර තිබුණි.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයේදී ඊයේ (26) මෙම සංවර්ධන කමිටු රැස්වීම පවත්වා තිබේ.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරු පලාත් ආණ්ඩුකර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්ද සහභාගී විය.

Trending

Exit mobile version