පුවත්

අසත්‍ය පුවතක් ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

Published

on

පාසල් සහ උපකාරක පන්ති අද (14) දින නොපැවැත්වෙන බවට සංසරණය වන ව්‍යාජ පුවත සම්බන්ධයෙන් රජය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව අද දිවයිනේ සියළුම පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වමින් සකසන ලද ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවය.

ලිපියේ සඳහන් පුවත අසත්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි

Trending

Exit mobile version