Connect with us

පුවත්

“අස්වැසුම” අභියාචනා ජූලි 10දාට පෙර ඉදිරිපත් කරන්න – ෂෙහාන්

Published

on

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10දාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ ගෙන යන වැරදි ප්‍රචාර හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් ලේඛනය නොවන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා :

අපට පසුගිය කාලයේ රටක් ලෙස විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වයෙන් රට යළි ගොඩගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස දිළිඳු ජන කොටස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කළා.

සාමාන්‍යයෙන් අපේ රටේ මෙතෙක් පැවතුණේ යම් සමාජ සුබසාධක වැඩසටහනකට ඇතුළත්වන පුද්ගලයන් එතැනින් සවිබල ගැන්වී, ආර්ථිකය සවිමත් කර ගන්නවා වෙනුවට සදාකල්ම එම සහන මත යැපීමේ ක්‍රමවේදයක්. නමුත් මෙම වැඩසටහන එතැනින් එහාට ගිය වැඩසටහනක් බව කිවයුතුයි.

එහිදී 2001 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව අදාළ සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. මෙම සුදුස්සන් තෝරා ගැනීම ක්ෂේත්‍ර 06ක් සහ ඊට අදාළ දර්ශක යටතේ තමයි සිදු වුණේ. ඒ අනුව සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එය කිසිසේත්ම අවසාන නාම ලේඛනය නොවන බව අවධාරණය කළ යුතුයි.

මෙම ප්‍රතිලාභය හිමි විය යුතු, එහෙත් දැනට ප්‍රකාශයට පත් කර ඇති නාම ලේඛනයට නම ඇතුළත් නොවූ යම් පුද්ගලයෙක් හෝ පවුලක් සිටී නම් ලබා දී ඇති අභියාචනා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තම අභියාචනා භාරදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එසේම නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත් වී ඇත්නම් ඒ සම්බන්ධව ද විමසීම් සිදු කළ හැකියි.

විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවන ලෙසත්, ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා කෙරෙන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා එක් නොවන ලෙසත් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඒ වගේම රජය දැනුම් දී ඇති ක්‍රමවේදය සමඟ ඊට අනුගතව කටයුතු කරන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අභියාචනා කාලය අවසන් වීමෙන් පසු අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ අවසන් නාම ලේඛනය සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා. එහිදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා.

මේ අතර වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මත් කුඩු කිලෝ 450ක් අද පුත්තලමේදී විනාශ කෙරේ

Published

on

By

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබයි.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Continue Reading

පුවත්

කැත්‍රින් ගෙන් චීනයට විරෝධය  

Published

on

By

ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු තානාපතිනි එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය එරට සෙනට් සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.

එරට ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.

පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් පාලනය සමයේ එරට කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රබලව මැදිහත්වීමක් සිදුවූ බවට ද චෝදනා එල්ලවන්නේ එවන් පසුබිමක් තුළය.

කෙසේවෙතත් හෝස්ට් මහත්මිය මෙරට තානාපතිනිය ලෙස පත්වන්නේ එරට සෙනෙට් සභාවේ සහ ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය හිමිවීමෙන් පසුව වන අතර පසුගියදා ඇය අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව හමුවට කැඳවනු ලැබීය.

කෙසේවෙතත් එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්:

“ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ ඇමරිකාව”  – උදය ගම්මන්පිල

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

Published

on

By

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (17) පවසන ලදී.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමණාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා තිබුණි.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකාර යෝගි පටෙල්ට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved