පුවත්

ආණ්ඩුපක්ෂ හා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හෙට රැස්වෙති!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පැවැත්වීමට නියමිත ය.

එම රැස්වීම හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි, ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදාළ හමුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇති බව පැවසේ.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද, හෙට පස්වරුවේ රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

Trending

Exit mobile version